dammika

වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පදනමින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව තවදුරටත් දීර්ඝ කිරීමට  රජයේ උත්සාහ කරන බවට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ රජය විසින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුකාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමේ  උත්සාහයක් පවතින බවයි.

“අප දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම අභ්‍යාසලාභී 2021 සැප්තැම්බර් 3 දිනට වන සේ ස්ථිර කරන ලෙසයි.”

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පෙන්වා දෙන පරිදි අභ්‍යාසලාභීන් පසුගිය වසරක කාලය තිස්සේ පාසල් වල ඉගැන්වීමේ කටයුතු, සෞඛ්‍ය කාර්යාලවල රාජකාරි, වසම්වල රාජකාරි සහ කාර්යාලගත රාජකාරි සිදු කර තිබේ.

“වසංගත කාලය තුළ පවා සමහර කාර්යාලවලට දින 7 ම පවා සේවකට කැදවන ලදි.  ”

මේ අතර පසුගියදා පාරිභෝගික සේවා අධිකාරියට තවත් අභ්‍යාසලාභි උපාධිධාරීන් 1500 ක් පමණ හදිසියේ අනුයුක්ත කළ බව පෙන්වා දෙන ධම්මික මුණසිංහ සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ ඔවුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් වෙළදසැල් වෙත යමින් හාල් මිල, සීනි මිල සෙවීමට යොදවා ඇත්තේ අවම ප්‍රවාහන දීමනාවක් පවා ලබානොදෙමින් බවයි.

සැප්තැම්බර් 3 දිනට වසරක පුහුණුව අවසන් කර ඇති අභ්‍යාසලාභී සැප්තැම්බර් 21 වැනිදාට පෙර ස්ථිර කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේනම් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් බලධාරීන්ට   අවධාරණය කර තිබේ.

letter

Similar Posts