delta coronavirus variant

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකු පමණ වාර්තා වන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශකළේය.

මේ අතර චීන පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් අද (27) මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන එක් කෝටි හත් ලක්ෂයකි.

Similar Posts