china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන චෝදනාව මග හැරීමට චීනය නිතරම උත්සාහ කර ඇත.

පෞද්ගලිකත්වය නිසා සමහර දත්ත සම්පුර්ණයෙන්ම බෙදාගත නොහැකි බව මෙහි දී චීනයේ ස්ථාවරය වී තිබේ.  එරට අවධාරණය කර ඇත්තේ “ COVID-19 වෛරසයේ මූලාරම්භය විද්‍යාත්මක කාරණයක් ලෙස සැබවින්ම සලකනු ඇති අතර දේශපාලන මැදිහත්වීමෙන් මිදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු”, යනුවෙනි. චීනය මෙම අධ්‍යයනය දේශපාලනීකරණය කිරීමට විරුද්ධ බව ද ඔවුන් පැවසීය.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් සාකි බ්‍රහස්පතින්දා කියා සිටියේ චීනයේ තීරණය සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනය දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවයි.  ඔහු කියා සිටියේ “ඔවුන්ගේ ස්ථාවරය වගකීම් විරහිත සහ භයානක” බවයි.  වසංගතයේ මුල් දිනවල සිදුවූ දේ පිළිබඳව චීනය විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇති බවට එක්සත් ජනපදය වැඩි දුරටත් චෝදනා කරයි.

චීනය COVID-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳ විමර්ශනයන්ට බාධා කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජූලි මාසයේදී පැවසීය. මේ වන විට වෛරසයේ මූලාරම්භය පිළිබඳ සෙවීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර එය එක්සත් ජනපදය හා එරටට හිතවත් රටවල් සමඟ චීනයේ සබඳතා පළුඳු කිරීමට හේතුවක් වී තිබේ.

ප්‍රථම වරට COVID-19 වසංගතය 2019 දෙසැම්බරයේ දී වාර්තා වූයේ, මධ්‍යම චීන නගරයක් වන වුහාන් හිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයින් අතර වෛරසයේ ආරම්භය පිළිබඳ තවමත් මතභේද පවතී.

බොහෝ විශේෂඥයන් විද්‍යාගාර කාන්දුවක් COVID-19 සම්භවයට හේතුව යැයි සිතන්නේ නැත. ප්‍රශ්නය වන්නේ එය අතහැර දැමිය හැකි ද නැතහොත් එය වැඩිදුර අධ්‍යයනය සඳහා සුදුසුද යන්නයි.

මෙම වසර මුලදී චීනය සමඟ ඒකාබද්ධ පර්යේෂණ සඳහා වුහාන් වෙත පැමිණි ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම කරුණ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය නොවන බව පැවසීමෙන් පසුව එම කණ්ඩායමට චීන පාර්ශවයේ ඉල්ලීම්වලට හිස නැමූ බවට චෝදනා එල්ල විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥයන් විද්‍යාගාරකින් කාන්දුවීමේ අදහස විශ්වාස නොකරයි. ඒ වෙනුවට වෛරසය නගරයේ වෙළඳපොළක ආහාර සඳහා විකුණන සතුන්ගෙන් මිනිසුන්ට වැළදෙන්නට ඇති බව විශ්වාස කෙරේ. එම නිසා වුහාන්හි සජීවී සතුන් අලෙවි කළ වෙළඳපොළවල් සහ වෙළඳපොළට සතුන් සපයන ගොවිපලවල් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නිර්දේශ කර ඇත.

තවද ඔවුන් වුහාන් නගරයේ රසායනාගාර සහ වෙළඳපොළවල් පරීක්ෂාවට බලධාරීන්ගේ සහය ඉල්ලා සිටියි.

චීනය බොහෝ දුරට COVID සම්ප්‍රේෂණය අගුළු දැමීම (Lock Down) සහ මුහුණු ආවරණ පැළඳීම හරහා පාලනය කර ඇති අතර මේ වන විට චීන එන්නත් මාත්‍රාව බිලියන 1.4 කට වඩා ලබා දී ඇත.

දේශීය වශයෙන් ව්‍යාප්ත වූ නව රෝගීන් 12 ක් පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර චීනයේ වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මාස 4 ක් පුරා නොවෙනස්ව පවතී.

Similar Posts