karujaya

20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන් කළේය.
එහෙත් එම ඉරණම මේ රටේ ජනතාවට අත් නොවනු දැකීම තම සංවිධානයේ ඒකායන ප්‍රාර්ථනාව බවද ඔහු කියා සිටියේය.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව රටේ ආර්ථිකය ද මේ වන විට කඩා වැටෙමින් පවතී. ජීවන වියදම උසුලා ගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ.

නීතියේ ආධිපත්‍යය හා ඒ මඟින් ජනතාවට ලැබිය යුතු රැකවරණය සැළසුම් සහගතව අවතක්සේරු කරමින් ඇත.  ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් අක්‍රිය කරමින් අත්තනෝමතිකත්වය රජ කරවමින් සිටී.

අද මේ රටේ ගොවියාට වගා කිරීමට පොහොර නැත. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් නැත. ධීවරයා අසරණ කර තිබේ.

රාජ්‍ය ආයතන බොහොමයකම විධිමත් ලෙස වැඩ කටයුතු කරන්නේ නැත. සියල්ල තීන්දු කරන්නේත්, මෙහෙය වන්නේත් එකම එක තැනකිනි.

Similar Posts