deega-danthu

කළාවැව ජාතික වනෝද්‍යානය දෙවනත් කරමින් වසර දෙකකට ඉහතදි පැවති දරුණු සටනකින් පසුව මියගිය බවට සැකකළ”දීග දන්තු එක”දළ ඇතා නැවත වසර දෙකකට පමණ පසුව කලාවැව ජාතික වනෝද්‍යානයෙන් මතුවි ඇති බව කලාවැව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් අනාවරණය කළහ.

දීග දන්තු එක ඇතා වසර දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි බව ගම්මුන් පවසයි.2019 වසරේ අගෝස්තු මාසසේදී කලාවැව සියඹලාගස්පිටිය ප්‍රදේශයේදි සති තුනක පමන ඉහතදි මියගිය දළ ඇතකුගේ සිරුරක් වනජීවි නිලධාරින්ට හමූවූ අතර බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටියේ මියගිය ඇතා “දීග දන්තු එක”බවයි.

තවත් ඇතකු සමග පැවති සටකින් පහරකෑමට ලක්වි බරපතල තුවාල ලබා ඇතා මිය යන්නට ඇති බව පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.

අවුරුදු දෙකක් පමණ කාලයක් කලාවැව ප්‍රේදේශයෙන් අතුරුදන්ව සිටි “දීග දන්තු එක”ඇතා පසු ගිය දින කිහිපයක සිට කලාවැව රක්ෂිතයේ ගලගොඩවල ප්‍රදේශයට නැවත පැමිණීමත් සමග 2019 වසරේ ඒ ආකරයට මිය ගොස් ඇත්තේ “දීග දන්තු දෙක “විය හැකි බව ගම්මුන් සැකපහල කරයි.

දීග දන්තු එක ඈත කැලෑවට ගොස් හුදකළාවේ ජීවත් වන්නට ඇති බවට ගම්මුන් සැකකරනා අතර නැවතත් වන අලින් සමග ඇත් රජු වනයේ සැරිසරනා බව ඔවුන් කීහ.

මේවනවිට අවුරුදු 28 ක් පමණ වයසැති උඩි 8 ක් පමණ උසැති ඇතා කලාවැව රක්ෂිතයේ සිටින දළ දිගැති ඇතුන්ගෙන් එක් අයෙක් වන අතර දිග දන්තු ඇතාට සමාන තවත් ඇතෙකු සිටි නිසා රක්ෂිතයේ සිටි ඇතුන් දෙදෙනා දීග දන්තු 01 හා 02 වශයෙන් නම්කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts