ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරවල ආනයනය තහනම් කර තිබෙන නිසා මේ වන විට තමිල්නාඩුවේ කරවල ටොන් 15,000ක් පමණ විකුණාගත නොහැකිව තූත්තුකුඩියේ ගබඩාවල තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙම කරවල තොගයේ වටිනාකම ඉන්දීය රු. කෝටි 500ක් පමණ වේ.

පසුගිය නොවැමබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට කරවල අපනයනය කරගත නොහැකි බව ධීවර සංගම් නායක එස්. මුරුගනාදම් ද හින්දු පුවත්පතට පැවසීය. මේ හේතුවෙන් කර්මාන්තයේ නියැලි සේවකයන් රැසකට වැටුප් ගෙවාගත නොහැකි වී තිබේ.

තමිල්නාඩු ධීවරන්ගේ නිෂ්පාදන අතරින් 20-25% අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබේ.

ශ්‍රී ලංකාව තමිල්නාඩුවේ කරවල අපනයනය සඳහා ප්‍රධාන වෙළඳපොළකි. කට්ටා වැනි ඉන්දීය කරවල වර්ග රැසක් සඳහා ශ්‍රී ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබේ.

ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර කරවල ආනයන තහනම ඉවත් කරවා ගන්නැයි ධීවර වෘත්තීය සමිති මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

අජිත් පැරකුම්

http://praja.lk

Similar Posts