මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින් බිමත්ව රිය පදවන රියදුරන් පරික්ෂා කිරිම සදහා වීශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්ම කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

උත්සව සමයන් තුලදි බිමත්ව රිය පැදවිම් තුලින් සිදුවනුයේ උත්සව සමය කදුලු ගංගා බවට පත් විමක් වන බවත් එම තත්වයන් සලකා බලා සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මෙම උත්සව සමය තුලදි බිමත්ව රිය පදවන රියදුරන් පිලිබදව විශේෂයෙන් පරික්ෂන මෙහෙය වන ලෙස හැටන් කොට්ඨාශයේ සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදි ඇති බවද විජිත අල්විස් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts