වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන කුකුළන් ඇති කිරීමේ ගොවිපළක් නිසාවෙන් මෙම මැසි උවදුර එන්න එන්නම උග්‍ර වෙමින් පවතින බවට ඔවුහු මැසිවිලි නඟති.

ගම්මුන් පෙන්වා දෙන පරිදි අදාළ ගොවිපළ දැනට වසර පහළොවක පමණ කාලයක සිට විවිධ හිමිකරුවන් යටතේ පවත්වාගෙන යනු ලබන බවත් එදා පටන් අද දක්වා තමන් සෑම දිනකම මැසි උවදුරෙන් පීඩාවට පත්ව සිටින බවත් මේ පිළිබඳ සෞඛ්‍ය අංශ, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි ඇතුළු සියලුම බලධාරීන් වෙත වාචිකව මෙන්ම ලිඛිතව දැනුම් දීම් කිහිප සැරයක්ම සිදු කළද ඉන් ඵලක් නොවීම බරපතළ ගැටලු සහගත තත්ත්වයක් බවයි.

Similar Posts