ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත.

කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බව වාර්තා වේ.

Similar Posts