gov

2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය.

මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය.

මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත.

නමුත් මෙහි සටන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය අතහැරියේ නැත.

ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශිෂ්ඨ ජයග්‍රහනයෙන් පසු රාජ්‍ය අංශ වෘත්තීය සමිති එකතුවක් ලෙස වෘත්තීය සමිති 30 කට ආසන්න ආසන්න සංඛ්‍යාවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී රාජ්‍ය සේවයේ ගැටළු පිළිබදවත් 2016 අහිමිකල විශ්‍රාම වැටුප් අයිතිය සම්බන්ධවත් කතිකා කර ඇත.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
එහිදී ඔහු වෘත්තීය සමිති වලට පොරොන්දු වී ඇත්තේ බලයට පැමිණි පසු අනිවාර්යෙන්ම මෙම විශ්‍රාම වැටුප් අයිතිය ලබා දෙන බවයි.

එහෙත් අණ්ඩුව පත් වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වනතුරු එය කඩවුනු පොරොන්දුවක් බවට පත් වී ඇති බව සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය මැසිවිලි නඟති.

රාජ්‍ය සේවකයා රැකගැනීම රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම රජය සතු යුතුකමක් බවත් පොරොන්දු වු පරිදි 2016 අහිමිකල විශ්‍රාම වැටුප් අයිතිය යලි ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.

Similar Posts