hatton house

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි.

පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම නිවාස ව්‍යාපෘතියන්  අතර මග  නතර  වන ලදි.

පසුව නව රජය බලයට පත්විමෙන් පසු අතර මග නතරවු එම නිවාසවල ඉදිකිරිම් ආරම්භවු අතර එම නිවාස යෝජනා ක්‍රමවල ජලය, විදුලි, මාර්ග පහසුකම් වැනි යටි තල පහසුකම් ලබා දිම වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ යෝජනාවන් මත එම අමත්‍යාංශය මගින් සිදු කරන ලදි.

මෙම නිවාස යෝජනා ක්‍රම නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, බගවන්තලාව, පතන, ආගරපතන, මහනුවර දිස්ත්‍රික්කයේ කලබොක්ක, මාතලේ දිස්ත්‍රික්යේ උනුගලෙයි, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ යන වතුවල ඉදි කිරිමට පියවර ගෙන තිබුනි.

මෙම නව නිවාස නිල වශයෙන් ලබාදිමේ අවස්ථාවන්ට විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ජි. එල්. පිරිස්,දිනේස් ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, රමේෂ් පතිරන, ඩග්ලස් දේවානන්ද, සි. බි. රත්නායක, කෙහෙලිය රඹුක්වැල්ල, යන ඇමතිවරුන් සමග රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

hatton house

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts