heroin

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව දින හතක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කෙරෙන කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) ස්ථානාධිපතිවරයා හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් සමග සබධතා පවත්වා ඇති බව කොළඹින් පැමිණි නාකොටික් ඒකකයේ හා අනුරාධපුර පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරලේගෙදර යන සැකකරු පසුගිය (18දා) උදෑසන හෙරොයින් ග්‍රෑම් 27ක ප්‍රමාණයක් සමග මූලස්ථාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව දින හතක කාලයක් ඔහු රදවාගෙන ප්‍රශ්න කරමින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගන්නා ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් හා නියෝග අනුව කොළඹ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) නිලධාරින් කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ සැකකාර පොලිස් පරික්ෂක වරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු ජාවාරම්කරුවන් රැසක් සමග සබධතා පවත්වා ඇති බව අනාවරණය කරගෙන තිබුණි.

එමෙන්ම සැකකරු ඊෂි කෑෂ් ජාවාරම සදහා යොදාගෙන තිබු ජංගම දුරකථන දහය සිම් කාඩ්පත් 12ට අමතරව තවත් සිම්කාඩ් පත් දෙකක් හා තවත් ජංගම දුරකථන දෙකක් භාවිතා කර තිබෙනා බව පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණි.ඔහු නාකොටික් ඒකකයේ සේවයට වාර් ථා කිරිමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගන්නා හෙරොයින් ප්‍රමාණයන්වලින් කොටසක් සගවා ගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඊට අමතර ඔහු විසින් ජාවාරම්කරුවන්ට හෙරොයින් ඊෂි කෑෂ් ඔස්සේ ලබාදිමෙන් පසුව එම හෙරොයින් රැගෙන යෑමට පැමිණෙන ජාවාරම් කරුවන්ව නාකොටික් අංශයේ සෙසු නිලධාරින්ම යොදවා අත්අඩංගුවට ගෙන තිබෙනා බවත් එවැනි ආරවුලක් හේතුවෙන් ඔහුගේ ජාවාරම පිළිබදව කරුණු අනුරාධපුර මූලස්ථාන පොලිසියට හෙලිකර ගැනීමට හැකිවි තිබෙනා බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

අනුරාධපුර මධ්‍යම විශේෂ-බී.එම්.විජේසුරිය

Similar Posts