අනුරාධපුර පූජා භූමියේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ආසන්නයේ පිහිටි විශාල පොල් වත්තක පොල් කඩා සොරා ගෙන යාමට පැමිණි සොරුන් දෙදෙනෙකු සමග ඇතිවු ගුටි බැට හුවමාරුවකදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පහරකෑමට ලක්වි තුවාල ලබා තිබේ.

සැකකරුවන් ඔවුන්ගේ ඉලක්කය වැරදි යාමෙන් පසුව පොල් වත්ත බලාගැනීම සදහා සිටි කාන්තාවට හා පිරිමි පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනා අතර ඔවුන්ද සොරුන් සමග ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.එම අවස්ථාවේ පොල් කොල්ලකෑමට පැමිණි අයෙකු එල්ල කළ පොළු ප්‍රහාරයකින් කාන්තාවකගේ හා පිරිම පුද්ගලයාගේ අත කට බරපතල තුවාල සිදුවි තිබේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට සැකකරනා සොරුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ආසන්නයේ පිහිටි ඉඩමේ පොල් කැඩීමට පැමිණ තිබෙනා අතර එම අවස්ථාවේ අදාල වත්ත බලා ගැනීමට සිටි දෙදෙනා අවධිවි තිබේ.

කුමන කාරනයකට වත්තට පැමිණියේ දැයි විමසු අවස්ථාවේ දෙපාර්ශවය අතර ගැටුම ඇතිවි තිබේ.වත්ත බලාගැනීමට සිටි දෙදෙනා හේතුවෙන් පොල් සොරා ගෙන යාමට සැකකරුවන්ට නොහැකිවි ඇති අතර යම් හෙයකින් ඔවුන් පැමිණි බව දැක ගැනීමට නොහැකි වූයේ නම් වත්තේ තිබෙන පොල් ගස් වලට නැග පොල් ගෙඩි 50-100 අතර ප්‍රමාණයක් සොරුන් ගෙන යන බව පහරකෑමට ලක්වුවන් පැවසූහ.

හෙරොයින් මතට ඇබ්බැහිව සිටින පිරිස් රාත්‍රී කාලයේ අනුරාධපුර නගරයේ පිහිටි විශාල පොල් ඉඩම් වළට හොර රහසේ ඇතුළුවි පොල් කඩා අඩු මිලට අලවි කිරීමට පුරුදුවි සිටිනා බව අනාවරණය විය.

සිද්ධියෙන් පසුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් පැමිණ ඇතිවු ගැටුම පිළිබදව පොල් වත්ත බලා ගන්නා පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අනාවරණය විය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts