hand cup

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම්  සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි  සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙක් සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් සමග ඊයේ  (21) වන දින උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා ආයතනය බිඳ සොරාගත්  භාණ්ඩ වල මිල රුපියල් ලක්ෂ දාසයකට වඩා අධික වූවද එම භාණ්ඩ සියල්ලම රුපියල්  හතලිස් පන්දහසක් වැනි සුළු මුදලකට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

සොරකම් කර සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගත් භාණ්ඩ අතර පරිගණක 05, ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්, ඡායා පිටපත් යන්ත්‍ර 02, පරිගණක උපාංග, විදුලි උපකරණ, ෆැක්ස් යන්ත්‍රයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, මවුන්ටන් වර්ගයේ පාපැදියක් , පරිගණක යන්ත්‍ර ඇමුණුම් කිරීම සඳහා යොදා ගන්නා වයර් විශාල ප්‍රමාණයක් තිබූ බවත් පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසීන්ගෙන් සහ ලද රහසිගත තොරතුරු මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ආයතනයට  අයුතු ලෙස ඇතුළුවී භාණ්ඩ සොරකම් කර ඇති බවත් අනෙක් පුද්ගලයා සොර බඩු ළඟ තබා ගනිමින් අඩුම මිල ගණන් යටතේ විවිධ පුද්ගලයන්ට හා විවිධ ස්ථානයන්ට විකුණා ඇති බවත් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින්  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පරීක්ෂණ කරන බව ආරංචි වූ සැනින් වංචා සහගතව නිරෝධායනයට ලක්ව ඇති බව හඟවමින් නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බොරලැස් ගම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් 36763 සමන්,  51857 විපුල, පොලිස් කොස්තාපල් 68832 අමරසිංහ,  94121 ඒකනායක, 92525 මාලන්,  96878 වීරසිංහ,  34142 ජිනදාස,   92527 ප්‍රසාද් කාන්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන  නිලධාරීන් විසින් සිදුකරනු ලබයි

boralesgamuwa borlesgamuwa

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts