protect

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පිට ප්‍රදේශවල ගෘහ සේවයේ යෙදි සිටින පිරිසක් මේ වන විට තම නිවාසවලට පැමින නැවත අදාල ස්ථාන වෙත යාමට නොහැකිව සිටින බවත් එසේ සිටින ගෘහ සේවිකාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 බැගින් මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක් සංගමය විසින් තිරණය කර ඇති බවත්ය.

මෙම මුදල් වවුචර්වලට අමතරව එම ගෘහ සේවිකාවන් සදහා මුඛ ආවරණ සියය බැගින් ලබා දිමට පියවර ගෙන ඇති බවද මෛයිදිලි මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts