srilankaledgens

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

නුවන් කුලසේකර කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 17යි පන්දු 2ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

නායක තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 18 බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය චින්තක ජයසිංහ පන්දු 25කදී එක් හයේ පහරක් සහ 4 පහර 8ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්. උපුල් තරංග නොදැවී ලකුණු 39 යි.

ඔස්ටේ්‍රලියාවේ බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කරන චින්තක ජයසිංහ පිළිබඳ ඉකුත් සමයේ දැඩි කතාබහක් ද මතු වූණා. තරගයේ වීරයා නුවන් කුලසේකර.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලබන 21 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.


sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today

Similar Posts