ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්‍රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති.

මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි ඇති බවයි.

ප්‍රදේශයේම ජනතාවට මහත් සම්පතක් වන යකල්ල උල්පත ගම්මානය තුලද හැකරලුන් බහුලව දක්නට ලැබෙන අතර එම උල්පත භාවිතා කර ජලය ස්නානය කරන හා ජලය පානය කරන 500 අධික ගම්වැසියන් ස්වාභාවික ජල උල්පතක් වන යකල්ල උල්පත තාවකාලිකව අතහැර දමා ඇත්තේ ආක්‍රමනිකයන් නිසාය.

වසර දෙකකට ආසන්න කාලය සිට පවතින ගැටළුව මේ වසරේ මසකට පමණ ඉහතින් ආරම්භවූ බව ගම්මුන් පවසයි.මේ වන විට සතුන් නිවස් තුලට පැමිණිම අවම කර ගැනීම වෙනුවෙන් භුමිතෙල් හා වෙනත් කෘමි නාසක කොතෙක් යෙදුවත් ඉන් කිසි ප්‍රතිඵල ලැබි නැති බව පවසන ජනතාව ඉල්ලා සිටින්නේ කඩිනමින් ඊට විසදුමක් ලබා දෙන ලෙසයි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts