jayantha

ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා  ජයන්ත කැටගොඩ  මහතා පත් කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක  දිවුරුම් දීම වෙනුවෙන්  ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය පූලි මාසයේදී ඉල්ලා අස් විය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජයන්ත කැටගොඩ මහතා සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ සිනමාව හා රූපවාහිනීකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.

1991 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කඩුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වන හෙතෙම 1999 වසරේදී බස්නාහිර පළාත් සභාවටද තේරී පත් විය.

වර්ෂ 2000 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වන කැටගොඩ මහතා අද දිනද ඇතුළුව අවස්ථා 05 කදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

jayantha

Similar Posts