රාජකාරියෙන් ඔබ්බට ගොස් මහජන මුදලින් තමන් ලබාගත් නිදහස් අධ්‍යාපනයෙ පළ නෙලාගනිමින් වෛද්‍ය වෘත්තියට පැමිණ වැටුපට පමණක් සීමාවු රාජකාරියකට සීමානොවි මුළුමහත් සමාජයටම මහත් ආදර්ශයක් ලබාදෙමින් රෝගී ජනතාවට උසස් සත්කාරයක් ලබාදීමට සිය රැකියා ස්ථානය දිනෙන් දින වැඩි දියුණු කරනා වෙද ඇදුරෙකු පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ වැඩිම ඝණත්වය ඇති මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්ථා විය.

මීට වසර කිහිපයකට පමණ ඉහතදි මැදවච්චිය මූලික රෝහලට පත්වීම් ලබා පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර්.එම් හර්ෂ කුමාර රස්නායක මහතා වෛද්‍ය වෘත්තියට එහා යමින් අඩු පහසුකම් සහිත සිය සේවා ස්ථානය වන මැදවච්චිය රෝහල සංවර්ධනයෙන් සංවර්ධනය කරා ගෙන යෑමේ අසීරු කටයුත්තක නිරතවි සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින් වැඩිම ඝණත්වයක් සහිත මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මැදවච්චිය රෝහල 2019 වසරේ ජනවාරි මස පළමු වැනිදා මූලික රෝහලක් බවට පත්වි ඇතත් එහි අඩුපාඩු රැසක් පැවතීම නිසා සිය සේවා කාලය අවසන් කිරීමට පෙර රෝහල හැකි උපරීම අන්දමින් සංවර්ධනය කිරීමට ඒ මහතා හා රෝහල් සංවර්ධන කමිටුව දැඩි වෙහෙසක් දරමින් සිටි.

ගරාවැටි තිබූ වාට්ටු කිහිපයක් මෙන්ම භාහිර රෝගි අංශය ඇතුළු ස්ථාන රැසක් ඒ මහතාගේ ඉල්ලීම යටතේ ධානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් පිලිසකර වෙමින් පවති.ඊට අමතරව රෝහලට අවශ්‍ය තිබූ මිල අධික වෛද්‍ය උපකරන මෙට්ට රෝද පුටු ඇදන් බෙඩ්ෂීට් ඇතුළු බොහෝ දෑ දෙස් විදෙස් පරිත්‍යාග ශීලින්ගෙන් ලැබෙමින් පවතින්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ හිතවත් කම් හා කැපවීමෙනි.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී ආරියරත්න මහත්වරුන්ද රජය මගින් රෝහලට ලබාදිය හැකි උපරීම සම්පත් ලබාදෙද්දි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාත් රෝහලට අවශ්‍ය සම්පත් හැකි ධානපතින්ගෙන් ලබාගැනීමට කටයුතු කරමින් තම සේවයට එහා ගිය යුතුකමක් ඉටුකරයි.

රෝගින්ට නිදාගැනීමටවත් නොහැකි තත්වයේ තිබූ මෙට්ට වෙනුවට ඉතා උසස් තත්වයේ මෙට්ට ලබාගැනීමට දානපතියන් රැසක් ඒ මහතා සම්බන්ධ කරගන තිබේ.දේශපාලඥයන් සිය කොට්ඨාශයන්ට පමණක් උදවු උපකාර කරද්දි අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම් ඩබ්ලිව් බුද්ධික ප්‍රේමදාස මහතාත් පසුගියදා රෝහලේ අඩුපාඩු නිරික්ෂණය කර රෝගී පහසුව වෙනුවෙන් මෙට්ට කිහිපයක් මිලදි ගැනීමට අවශ්‍ය රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍යවරයාගේ උත්සහය අගය කරමින්ය.

ඊට අමතර රෝහට අත්‍යාවශ්‍යව තිබූ පල්ස් ඔක්සි මීටර් සකර් මැෂින් මල්ටිපැරා මොනිටර් ඇදන් මෙට්ට රෝහලේ තීන්ත ආලේපකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු රුපියල් මිලියන ගණනාවක මුදල් වෛද්‍යවරයාගේ දෙස් විදෙස් හිතමිතුරන් විසින් පරිත්‍යාග කෙරුණි.මෙම රෝහලෙන් වසර 2030 වනවිට බලාපොරොත්තු වන රෝගින් සංඛ්‍යාවටත් වඩා රෝගින් විශාල පිරිසක් 2021 වනවිටදීම සේවාව ලබාදීම මේවනවිට කැපී පෙනෙන කරුණකි.

විශේෂඥ වෛද්‍යවරයා මෙම කටයුතු සිදුකරමින් යද්දි ඔහුගේ වාර්ෂික ස්ථාන මාරූවට අනුව තවත් මාසක පමණ කාලයකදි ඔහුට මැදවච්චිය රෝහලට සමුදීමට සිදුවි ඇති බව රෝහල් කමිටුව අනාවරණය කළේය.ඒ පිළිබදව අදහස් දැක්වු මැදවච්චිය මූලික රෝහල සංවර්ධනය කිරීමේ කමිටුවේ භාණ්ඩාගාරික වී.විමල්තුංග මහතා.

අපේ විශේෂඥ වෛද්‍යතුමා මේ රෝහල දියුණු කරන්න කරන කැපවීම අගය කරන්න ඕන.එතුමාට ස්ථානභාර වෛද්‍යතුමාගෙනුත් විශාල සහයක් ලැබෙනවා.එතුමා වටා මැදවච්චියේ තරුණයන් විශාල වශයෙන් එක්රොක් වෙලා රෝහල අඩුපාඩුවලින් තොර රෝහලක් කරන්න විශාල වෙහෙසක් ගන්නවා.

මේ වනවිට රෝහලේ තිබ්බ අඩුපාඩු රැසක්ම ධානපතින් විසින් සපුරලා ඉවරයි.විශේෂයෙන්ම කියන්න ඕන මේ මාරන්තික වකුගඩු රෝගය වැලදී සිටින රෝගින් වැඩිම ඝණත්වය ඇති ප්‍රදේශය.

මේ කටයුතු සිදුකරමින් ජනතාව සුවපත් කරන්න කැපවෙලා ඉන්න දෙවියෙක් වගේ වෛද්‍යතුමන්ට අපි වෙනුවෙන් වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ තව දින ගණනාවක් විතරයි.මොකද එතුමාට වාර්ෂික ස්ථානමාරු වලට අනුව තව නොබෝ දිනයකින් මේ රෝහල අත ඇරලා යන්න වෙයි.

එතුමාගේ පහසුකම් ගැන නොසිතා මැදවච්චිය ප්‍රදේශයේ රෝගින් වෙනුවෙන් කැපවී කටයුතු කරන විශේෂඥ වෛද්‍යතුමන් තවත් වසර දෙකක කාලයක්වත් හිටියොත් මේ රෝහල අංග සම්පූර්ණම රෝහලක් බවට පත්කරන එක අපට විශ්වාසයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts