kandy

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ.

අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ.

අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල, කටුකැලේ, දොඩම්වල සහ වෙල්අට යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් සඳහා අද දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ දී එන්නත්කරණය සිදුවෙයි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී අද එන්නත් ලබාදීම සිදු වන්නේ අරුප්පල බටහිර, වටපුළුව, වටපුළුව බටහිර, වටපුළුව දකුණ, මහවැලි උයන, ලේවැල්ල, සහ අරුප්පල නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් සඳහායි.

ඡන්ද හිමි නාම ලේඛනයේ පදිංචිකරුවන් සඳහා පමණක් එන්නත්කරණය සිදුවන අතර අදාළ මධ්‍යස්ථාන වලට පැමිණීමේදී ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව සංවිධායක මණ්ඩලය පවසයි.

මහනුවර මහ නගර සභාව, මහනුවර ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඇතුළු රජයේ ආයතන වල සහභාගිත්වයෙන් මෙම එන්නත් කරන කටයුත්ත සිදු වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි අවුරුදු 30ට වැඩි පුරවැසින් සඳහා මොඩනා එන්නතේ දෙවන මාත්‍රාය ලබාදීම තලාතුඔය, හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේදී ඊයේ (14) සිදුවූ අතර එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වේ.

kandy kandy

kandy

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts