covid new

තලවාකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් එම නගර සභාවේ දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු පුද්ගලිකව කර ගන්නා ලද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගෙන ඇති බවත්ය.

එම මංත්‍රිවරයා කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගන්නා ලද දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත් එහි වාර්ථා මත එම දස දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හදුනාගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts