milk

කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද   කිරි ලිටරයක් සදහා  තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත්  පුන්නක්කු, බෙහෙත්,  විටමින් වර්ග, එන්නත්  සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ  කිරි ගව ගොවින් චෝදනා කරති.

කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල්  20 ක වත් වැඩි කිරිමක් තමන්ට අවශ්‍ය යැයි ගොවින් කියති. දියර කිරි සදහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවිම නිසා  තරුණ පිරිස් මෙම කර්මාන්තයට එකතු නොවන බව  කිරි ගව කර්මාන්තයේ නිරත ගොවින් පෙන්වා දෙති.වැඩි කිරි ප්‍රමාණයක් ලබාගැනිම සදහා මේ වනවිට  ගම්බද ප්‍රදේශවල පවා ගොවින්  විදේශිය හා දෙමුහුන්  උසස් තත්වයේ ගවයින් ඇති කරන අතර මෙම ගවයින් සදහා යන වියදමද ඉහළ බව ගොවින් පෙන්වාදෙති.

ගවයින් එන්නත් කිරිම, පණු බෙහෙත් , විටමින් වර්ග, සහ රෝගි අවස්ථාවලදි ප්‍රථිකාර සදහා විශාල මුදලක් වැය වන බව ගොවින් පෙන්වා දෙති. පශු වෛද්‍යවරුන් සදහා වැය වන මුදල් ,  මෙන්ම පුන්නක්කු මිළද දිනෙන් දින ඉහළ ගොස් ඇතැයි ගොවින් පෙන්වා දෙති. දෙමුහුන් වර්ගයේ ගවයෙකුගේ මිල  රුපියල් ලක්ෂ දෙක තුනක් වන බවත් මෙවැනි ගවයින්  නියමිත ප්‍රමිතියෙන්  රැක බලා ගතයුතු බවත් ගොවින් පෙන්වා දෙති. මේ සදහා විශාල වියදමක් වැය වුවත් ලැබෙන ආදායම  ප්‍රමාණවත් නැතැයි ගොවින් පෙන්වාදෙති. කිරි ලීටරයකට රුපියල්  හතක මුදල් වැඩි කිරිම ප්‍රමාණවත් නැතැයි කිරි ගව ගොවින්  කියති.

දේශිය කිරි ගොවියා වෙනුවෙන්  නැවුම් කිරි ජනතාව වෙත ලබාදිම සදහා ක්‍රමවේද සකස් කර ග්‍රාමිය මට්ටමින් යෝගට් සහ අතුරු නිෂ්පාදන ඇති කිරිමට කටයුතු කළ යුතු බව  ගොවින් කියති.

බුලත්සිංහල, දෙණි කඩේ-  කේ. ලයනල් මහතා.

—————————————————–

“ කිරි පිටි මිළ ඉහල ගියත්  අපට ලැබෙන්නෙ ඉතාම  සොච්චම් මුදලක්. අනෙත් අතට ගවයින්ට දෙන්න තණ කොළ නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් වතු සමාගම් යටතේ කැලෑවට අතහැරල තියෙනවා. අපට බදු ක්‍රමයට හෝ එම ඉඩම් ලබාදෙනවා නම් තණ කොළ වගා කර ගැනිමට හැකි වෙනවා.  ගව ගාල් හදා ගන්න විශාල මුදලක් වැය වෙනවා. කිරි ගවයෙකු ලක්ෂ ගණනක් වෙනවා.  රජය පහසු කම් දෙනවා කිව්වත් බැංකුවලින් ඒ පහසුකම් අපට ලැබෙන්නෙ නෑහැ. පුන්නක්කු, ඔමි, කැට ෆීල්,  ඇමිනෝල්, මිල්ක් මාස්ටර් වගේ දිනපතා ගවයින්ට ලබා දිය යුතු අතිරේක බෙහෙත් හා විටමින් වල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා.“

ජීවන් කරන්නාගොඩ  මහතා

—————————

“ මට හරක්  හය දෙනෙක් ඉන්නවා. සත්තුන්ට දෙන්න තණ කොළ නැහැ. බැංකු වලින් සියයට  හයේ පොලියට ණය දෙනවා කිව්වට  අපට එහෙම ණය දෙන්නෙ නැහැ. කිරි ලිටරයක මිළ වතුර ලීටරයක මිලට වඩා අඩුයි. මේකට  තරුණයො අත ගහන්නෙ නෑ. කිරි පිටි මිල ඉහළ ගියත් දේශිය කිරි ගොවියාට යන එන මං නැහැ.

milk milk

milk

 

එස්. පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts