unusum puwath

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව  එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ වෙත පැමිණෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා විය.

මහේල ලබන 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වූ දින 07ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබුණත්, මුම්බායි පිල මූලික වටයෙන් ඉවත් වීමත් සමග කල් ඇතිව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වී ඇති බව සැල වේ.

Similar Posts