mahinda and lalith

ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා  අමෙරිකාවේ  තානාපතිවරයා ලෙස පත්විමට නියමිත හෙයින් හිස් වන මන්ත්‍රි ධුරය සදහා  හිටපු පලාත් සභා මන්ත්‍රි ලලිත් වර්ණ කුමාර මහතා පත්කිරිමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.

හිටපු විදේශ අමාත්‍යවරයෙකුද වන මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ තානාපති ධුරය  භාර ගැනිම සදහා ඉරිදි සති කීපය ඇතුලතදි මන්ත්‍රි ධරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇත.එසේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය සදහා  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්  මනාප ඡන්ද ලේඛනයේ ඊළග  වැඩිම  මනාප ප්‍රමාණය වන  මනාප  ඡන්ද 46361 ක්  ලබාගන ඇත්තේ ලලිත් වර්ණකුමාර මහතාය.

බුලත්සිංහල ආසනයේ  ශ්‍රිලංකා පොදුජන පෙරමුනේ  බුලත්සිංහල ආසනයේ ප්‍රධාන සංවිධායක වරයාලෙස කටයුතු කරන ලලිත් වර්ණ කුමාර හෙවත් දයාබර මංජු  මහතා දිගු කලක් බස්නාහිර පලාත්සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

සෝමරත්න  පොද්දෙණිය   – මීගහතැන්න

Similar Posts