money

කොරෝනා වැළදි  නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා  දහවල්  අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත.

අළුත්ගම,  දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල   පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින  නිවසේදි මිය ගිය  අරමාදුර ගුණදාස සිල්වා  නැමැත්තාගේ මරණ සහතිකය ලබා දිමට මිය ගිය තැනැත්තාගේ  සහෝදරිය වන අරුමාදුරගේ  ප්‍රේමවතිද සිල්වා නැමැත්තියගෙන්  රුපියල් 5000ක මුදලක් ඉල්ලා එම මුදලින් රුපියල් 3000ක් ලබා ගනිද්දි  හදිසි මරණ පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත.

ජූලි 12 වනදා මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකය ලබා ගැනිමට  මිය ගිය තැනැත්තාගේ ඥාතින්  හදිසි මරණ පරික්ෂකවරයා හමුවිමට දින හතක් ගොස් ඇති අතර මරණ සහතිකය ලබාදිමට  රුපියල් 5000 ක මුදල්  ඉල්ලා තිබේ.

ඒ අනුව අට වැනි වරට අල්ලස් නිළධාරින් සමග පසු ගියදා ගොස්  දැනට ඇත්තේ රුපියල් 3000 ක් පමණක් බව  ප්‍රකාශකර මරණ පරික්ෂක වරයාට එම මුදල ලබා දි ඇත. එම  අවස්ථාවේදිම  අල්ලස් හා දුෂණ විමර්ශන අංශයේ  උප පොලිස් පරික්ෂක  වික්‍රමසිංහ මහතා  සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අත් අඩංගුවට ගෙන ඇති හදිසි මරණ පරික්ෂක වරයා මුළු දිවයිනටම  සාමදාන විනිශ්චයකාරවරයෙකු වන අතර  විශ්‍රාමික විගණක නිළධාරියෙකු, හා සහකාර ගණකාධිකාරිවරයෙකුද වන බව අනාවරණයවි තිබේ.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts