national-hospital-colombo

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ.

කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26)  වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

මහර කොට්ඨාසයෙන් – 67ක්, වත්තල – 65 ක්, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් – 57 දෙනෙකු බැගින්, අත්තනගල්ල – 50ක්, බියගම – 49ක්, දොම්පෙ – 48 ක්, කැලණිය – 37ක්, ජාඇල – 23ක්, දිවුලපිටිය – 22ක්, සීදූව – 17ක්, මිනුවන්ගොඩ සහ රාගම – 15 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇත.

කොවිඩ් ආසාදිතවූ  48 දෙනකු පෙරේදා (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (26) පස්වරුවේ තහවුරු කළේය.

එම මරණ 48 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,147ක් දක්වා ඉහළ ගියේය.

 

Similar Posts