ශ්‍රී ලංකා රජයට ආරක්ෂක අංශ වලට එරෙහිව සටන් වැදි හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයන් ඇතුළු සිරකරුවන් 93 දෙනෙකු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය යෙදුනු ඊයේ  (24දා) දිනයේ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28කින්  ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන්  කළේ ඊයේ (24දා) අනුරාධපුර බන්ධනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.රැදවියන් 93 දෙනා අතරන් 16 දෙනෙකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දඩුවම් ලබා සිටි රැදවියන් වන අතර අනෙක් රැදවියන් 77 දෙනා සාමාන්‍ය වැරදි සදහා අධිකරණය මගින් නියම කළ දඩුවම් හේතුවෙන් බන්ධනාගාර ගතකළ රැදවියන් වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක අංශ වලට එරෙහිව සටන් වැදි එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයන් 15 දෙනෙකු සදහා ඊයේ  (24)උදෑසන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක යන මහත්වරුන් කියා සිටියේ ඉදිරියේදී මරණ දඬුවම නියමවූ රැදවියන්ගේ දඬුවම ලිහිල් ⁣කිරීමක් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම පිළිබද සොයාබලා එම අවස්ථාව ලබාදීමට කටයුතු කරනා ලෙස බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වතතේ මහතා විසින් ජනාධිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට දන්වා ඇති බවයි.

නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ හිටපු එල්ටීටීඊ සිරකරුවෙකුවූ කිලිනොච්චියේ පදිංචි සූරිය මුත්තු ජිවොසන්.අද දවස අපිට ඉතාමත් සතුටු දවසක් එය කියලා නිම කරන්න බැහැ.

එයට හේතුව තමයි මීට පෙර ජනාධිපතිතුමා මැගසින් බන්ධනාගාරයට ආපු වෙලාවේ අපේ සිරකරුවෝ  ජනාධිපතිතුමාට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා එල්. ටී. ටී. ඊ රැඳවියන් විදිහට අපි  අපේ පවුල් වල අය ඉතා දුක්බර ජීවිතයක් ගත කරන්නේ  කියලා.

ඒ අනුව කෙටි කාලය තුළ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බන්ධනාගාරයේ නිලධාරීන්  ඒ ගැන සලකා බලා සම්මුඛ පරීක්ෂණයක් කරලා අපිට සමාව ලබා දෙන්න තීරණය කරලා අද ඒ ගැන අපිට ලොකු සතුටක් තියෙන්නේ.ඒ වගේම දීර්ඝ කාලයක සිට ඉන්න එල් .ටී.ටී ඊ සිරකරුවෝ තව ඉන්නවා ඒ අයටත් මේ වගේම මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපති තුමාගෙන් මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා.

බන්ධනාගාර පුනරුත්ථාපන අංශය ලබාදුන් සහයෝගය නිසා හොද පුනරුත්ථාපනයක් ලබාගැනීමට හැකි වුනා එහිදී සිංහල භාෂාව හොදින් ඉගෙන ගෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය ඉහලින් සමත්වීමටත් හැකිවුණා .අපි බන්ධනාගාරගත වෙලා අවුරුදු 12 කට වැඩිය කාලයක් ඉඳල තමයි මේ අද ගෙවල් වලට යන්නේ.

අද අද දිනයේ නිදහස් වෙලා ගිහිල්ලා අපි සමාජයේ හොඳ පුරවැසියෝ විදිහට ජීවත් වෙන්න සියලු දෙනා කතා කර ගත්තා. සමාජයේ හොඳ විදියට ජීවත් වෙනවා.මම අනෙකුත් සිරගත වෙලා ඉන්න සිරකරුවන්ට කියන්න කැමතියි හොඳ කල් ක්‍රියාවෙන් ජීවත් වෙලා සමාවක් ලැබිලා එලියට ඇවිත් රටේ හොඳ පුරවැසියෝ විදියට ජීවත් වෙන්න කියලයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts