china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය.

ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත නිල් තල්මසා ඇතුළුව වෙරළ සීමාවේ සිටින තල්මසුන් ප්‍රභේද 26 ඇතුළත් ශ්‍රී ලංකාවේ හරිත සහතිකය පිළිබඳව තානාපතිවරයා සවිස්තරාත්මකව අදහස් දැක්වී ය.

තවද, 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබන බවත්, බහුලව භාවිතා කෙරෙන ඇතැම් ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් කරන අතරතුර දී රසායන පොහොර ආනයනය ද නවතා දැමූ බව කොහොන මැතිතුමා අවධාරණය කළේ ය.

විශිෂ්ට ඓතිහාසික භූමි, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇතුළුව අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන, නැවුම් සුවඳින් අනූන තේ වතු, කිලෝමීටර ගණන් දිගැති ජනාකීර්ණ නොවූ සුපිරිසිදු වෙරළ තීර පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත සිනා පිරි මුහුණු සහ අසමසම ආගන්තුක සත්කාරය යනාදිය ශ්‍රී ලංකාව සතු සංචාරක ආකර්ෂණවලින් සමහරකි.

චීනයේ මුල් සංචාරක කණ්ඩායම් පහ ඇතුළත සිටින ‘කයිසා ට්‍රැවල් ගෲප්’ ආයතනය ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ අවන්හලේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සත්කාරකත්වය ලබා දුන් අතරතුර, සංචරණ සීමා ඉවත් කළ වහාම ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් මිලියනයක් එවීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවට තානාපතිවරයා හමුවේ සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

Similar Posts