කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් උරනව සිටි ජාවාරම්කරුවන් පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට කඩුවකින් කොටා ඔවුන් ගමන් කළ ලොරි රථය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ අපරාධ විමර්ශන අංශය (21දා) රාත්‍රීයේ පරික්ෂණ ආරම්භකර තිබේ.

පරසන්ගස්වැව පොලිස්වසමේ දොරමඩලාව විහාරස්ථානයට හැරෙනා මාවතතේදි ලොරි රථයේ ගමන් කළ අයියාට හා මල්ලීම කඩු ප්‍රහාරය එල්ලවි තිබෙනා බවත් කඩු ප්‍රහාරයෙන් කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් මල්ලි බරපතල කැපුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහගේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් සිවුදෙනෙකු ඔවුන් පසුපස පන්නාගෙන ඇති බවත් රථයේ සිටි අයියාට කඩු පහර එල්ල කළත් ඔහු ප්‍රහාරයෙන් බේරී ඇති බව කියන පොලිසිය රථයට පෙට්ට්‍රල් දමා ගිනි තැබිමේදි ඔහුගේ අත සුළු වශයෙන් පිලිස්සි ඇති බව පවසයි.ප්‍රහාරයට ලක්වු දෙදෙනා මිහින්තලය පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඌරූ කොටුවක් පවත්වා ගෙන යන බව පොලිසිය පවසයි.

බරපතල අන්දමින් කඩු ප්‍රහාරයට ලක්වි තුවාල ලබා සිටින මල්ලි විසින් සැකකරුවන් පසුගිය දිනවල ඔහුගේ සත්ව ගොවිපල ආසන්නයේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරම පිළිබදව පොලිස්ථානයකට තොරතුරු ලබාදීම හා එම තොරතුරු පොලිස් නිලධාරියෙකු ජාවාරම්කරුවන්ට අනාවරණය කිරීම නිසා ඔවුන්ට ප්‍රහාරය එල්ලවි තිබෙනා බව අනාවරණය විය.

සැකකරුවන් සිවුදෙනා පැමිණ මුළුලින්ම කඩු ප්‍රහාරය එල්ලකර පසුව රැගෙනවිත් තිබූ පෙට්ට්‍රල් ඉන්දන රථයට හලා ගිනි තබා ඇතත් එම ගින්න නිවා දැමිමට නොහැකිවීම නිසා රථය ගිනිගෙන විනාශවි තිබේ.ප්‍රහාරය එල්ලකළ හා රථයට ගිනි තැබූවන් පොලිසිය හදුනාගෙන තිබෙනා අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරයි.

බරපතල තුවාල ලබා ඇති තරුණයාට ශල්‍ය කර්මයක් සිදුකර තිබෙනා අතර ඔහුගේ තත්වය බරපතල බව අනුරාධපුර ශික්ෂණ රෝහල පැවසුවේය.

පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශ්‍රීකාන්ත මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශය හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථානාගාරයේ නිලධාරින් අපරාධය පිළිබදව පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts