parakrama

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා හොර රහසේ ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටුව කැදවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝධතා පෙත්සමක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ට ඊයේ (28) දහවල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ භාර දුන් හ.

පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම ඊයේ (28) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අතර මෙම කමි‍ටු ‍රැස්වීමේ දී දැනට තාවකාලිකව නවතා දමා තිබෙන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබූ බවට ලද තොරතුරකට අනුව මෙසේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය එම ස්ථානයට විරෝධතා පාගමනකින් පැමිණ පෙත්සම භාර දුන් හ.

එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ ව්‍යාපාරයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියෝ මෙසේ පැවසූහ.

” මේ ආය 2020 දී යෝජනා කරලා තියෙනවා දිසාපති බංගලාව අසල සිට ධර්මපාල වටරවුම ගාවින් අලුත් නිල නිවාස සංකීර්ණය දක්වා කිලෝමීටර්  දෙක හමාරක මං තීරුවක් හදන්න. අපි ඒක කරන්න කියලා මතක් කරනවා ඒකට අපට ආශිර්වාද කරන්න පුළුවන්. නමුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මං තීරුව ඉදිකරන්න දෙන්නේ නෑ.

අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නෑ. දිසාපතිතුමා අපට සාකච්ඡාවක් දෙනවා කියලා පොරොන්දු  වුණා. ඒක කළෙත් නෑ.කි සිම සාකච්ඡාවක් නැතුව හොර රහසේ මේක අනුමැතිය අරගෙන කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.දිසාපතිවරයා ඒ සාකච්ඡාව දෙන්න හෑදුවේ ගොඩාක් සංඝරත්නය ගෙනල්ලා සෞඛ්‍ය නීති කඩලා එතන සංඝ රත්නයේ ගැ‍ටුමක් ඇති කරවලා කරන්න ගියේ අපි ඒකට එකග වුණේ නැ. එහෙම කරලා වැව් බැම්මට ගෙනල්ලා ආශිර්වාද කරවාගෙන මුදල් ගණුදෙනුත් කරගෙන තියෙනවා .ඒවා අපි කරන්න දෙන්නේ නෑ. එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් අඩි ඉස්සරහට පැනලා හරි යන්න පුලුවන්.

අද පොරොන්දු වුණා වචනයකින්වත්   මේ මාතෘකාව සාකච්ඡාවට ගන්නේ නෑ කියලා. ගොවිජනතාවගේත් මහා සංඝරත්නයේත් විරෝධතා සැලකිල්ලට අරගෙන එම ව්‍යාපෘතිය අතහැර දමන බව පැවසුවා. සංවර්ධන කමි‍ටුවේ සභාපතිතුමා අපේ අතුකෝරල මන්ත්‍රීතුමා. ඒ නිසා අපි එතන ඉන්නවා.වැ ව් බැම්මේ මංතීරුව හදන්න දෙන්නේ ම නෑ. පරාක්‍රම සමුද්‍රයේ ගොවිසංවිධාන 38ක නියෝජිතයෝ මෙතන ඉන්නවා. අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ත්‍රයි නිකායික මහා සංඝරත්නය ඉන්නවා. අපි ඒක කරන්න දෙන්නේ නෑ. අර 2020 යෝජනා කරගත්ත නව නගරේ මං තීරුව හදා ගන්න. අපි ඒකට විරුද්ධ නෑ. අද ආණ්ඩුකාරතුමාටත් සම්බන්ධිකරණ සභාපතිතුමාටත් දිසාපතිතුමාටත් අපි සංදේශ භාර දුන්නා. අපි කියන්නේ දැන් මේක නවත්තලා ළග එන මහ වැහිවලට කලින් කඩලා දාඅපු වැව් බැම්මේ රළපනාව තිබුණ විදිහට සකස් කරන්න..”

පොලොන්නරුව නවනගරය, අක්කර500 ශ්‍රී ගුණරතනාරාමය අසල සිට ගොවි සංවිධාන හා පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ සංවිධානයේ  පිරිසක් ද මහා සංඝරත්නය ද මෙසේ විරෝධතා පාගමනින් පැමිණ සංදේශය භාර දී නික්ම ගියහ.

parakrama parakrama

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts