teacher

උතුරු මැද පළාතේ රජයේ පාසල් වල පුරප්පාඩු සදහා විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම ස්ථානමාරු සිදුකිරීම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට නියෝගයක් නිකුත් කරනා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමේ නඩු විභාගය අවසන් වීමටත් පෙර අධ්‍යාපන බලධාරින් විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගෙන තිබෙනා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිනා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පළාතේ බලධාරින් සිව්දෙනෙකුට මේ මස (28දා) කරුණු දැක්වීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් උතුරු මැද පළාත් බද මහාධිකරන විනිසුරු (අංක-1)මනෝජ් තල්ගොඩපිටිය මහතා නොතිසි නිකුත් කර තිබියදි බලධාරින් විසින් එකගතාවකට පත්වි සිටි.

ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලමින් විනිසුරුවරයා නියෝගය නිකුත් කළේය.උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් හා උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මේ මස (28දා)අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග කර තිබේ.

අනුරාධපුර හා පොලොන්නරුව අධ්‍යාපන කළාප වල රජයේ පාසල් සදහා විදුහල්පතිවරුන් පත්කිරීම හා මාරු කිරීම අත්තනෝමතික අන්දමින් සිදුවන බවත් ප්‍රඥප්තියට අනුව එම කටයුතු සිදුවිය යුතු බවත් කියමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජේෂ්ඨ නීතිඥවරුන් වන සජීව ගුණරත්න හා සංජීව සෙනවිරත්න යන මහත්වරුන් මගින් පෙත්සම අධිකරණයට ගොණුකර තිබුණි.

පෙත්සම්කාර ගුරු සංගමය ‍විසින් විදුහල්පති සේවය සදහා තනතුරට නුසුදුසු ගුරුවරුන් පවා වැඩබැලීම සදහා පත්කර තිබෙනා බවත් අධ්‍යාපන ප්‍රඥප්තියේ හතර වන වගන්තියට පටහැනිව අංක 2017/2 දරණ උතුරු මැද පළාත් අධ්‍යාපන චක්‍ර ලේඛයට පටහැනිව හා 2018/4/28 දිනැති වෘත්තිය සමිති අණපනත් සියල්ල පසකලා විනය විරෝධි අන්දමින් නොසුදුස්සන්ට පත්වීම් හා ස්ථානමාරු ලබාදි ඇති බව සදහන් කරයි.

ලංකා ගුරු සංගමය තමයි මේ ගැටළු වලට මූලික වෙලා කටයුතු කරන දැවන්තම වෘත්තිය සමිතිය.මේ වනවිට පළාත් බලධාරින් එකග තාවකට ඇවිල්ලා ඉන්නවා 2020 පස්සේ වෙච්ච පුරප්පාඩු විදිමත්ව පුරවන්න.

ගුරු සංගම් 15ක් පමණ මේ සාකච්ඡාවට එක්වුණා.ඒ අනුව උතුරු මැද පළාත් අධ්‍යාපන ප්‍රඥප්තියේ හතරවන පරිච්ඡේදය ක්‍රියාත්මක කරන්න ඕන.ඒ වගේම 2017/2දරණ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ චක්‍ර ලේඛය ක්‍රියාත්මක කරන්න ඕන.

බලධාරින් එකගතාවයකට ආවට අපි අධිකරණය හමුවේ ගොණුකර තිබෙන පෙත්සම ඉවත්කර ගන්නේ නැතුව අධිකරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කරනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts