karujayasuriya

පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව කරු ජයසුරිය එහිදී සඳහන් කළේය.

එහෙත්, කුමන තත්වයක් තුළ වුවද මේ රටේ ජාතීන් අතර හෝ ආගම් අතර මෙන්ම දේශපාලනික වශයෙන්ද කිසිදු බෙදීමකට හේතුවන ආකාරයේ කිසිදු කටයුත්තකට උත්සහ නොකරන්නැයි ඔහු සියලු පාර්ශවයන්ගෙන්ම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය.

Similar Posts