piyalnisantha

“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’   දුමින්ද සිල්වා  මහතාව නිදහස්  කිරිම  සම්බන්ධයෙන්  අමෙරිකානු  මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන්  යුතුව  හෙළා දකින බව කාන්තා  හා ළමා  සංවර්ධන  පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල්  යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය  අමාත්‍ය  පියල්  නිශාන්ත ද සිල්වා මහතා කීවේය .

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු  හිටපු මන්ත්‍රී  දුමින්ද  සිල්වා  මහතාට ජනාධිපති සමාව ලබාදීම සමිබන්ධයෙන්  ව්පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්  හා අමෙරිකානු  මහ කොමතාරිස්තුමියගේ ප්‍රකාශය  සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය  පියල් නිශාන්ත  ද සිල්වා මහතා මෙි අදහස් පළ කලේය .

” සිරකරුවන්  නිදහස්කිරිම ජනාධිපතිතුමාගේ පෞද්ගලික කටයුත්තක් නෙමෙයි. මොකද ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  34 වගන්තිය ප්‍රකාරව එතුමාට ඇති බලය අනුව සිදු කළ කටයුත්තක්  පමණයි. මිට ප්‍රථම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ  ව්‍යවස්ථාවට  ඇතුලත් කළ නීති ප්‍රතිපාදන අනුව ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.  නීතියේ  ආධ්පත්‍යයත්, නිතියේ ස්වාධීනත්වයත් නැත්තටම නැතික ළ යහපාලන ආණ්ඩුවේ  හිටපු වත්මන්   සමගි බලවේගයේ රංජිත්  මද්දුම බණ්ඩාර  වැනි අය අද මේ පිළිබඳ  කතා  කරන්නට පටන්ගෙන තියෙනවා.

සිරකරුවන්  93 දෙනෙකු සමග දුමින්ද සිල්වා මහතා නිදහස් කිරිම විවෙිචනය කරමින්  අදහස් ප්‍රකාශය  කරනවා නම් රංජන් රාමනායක මහතා  පිළිබඳවත් ශානි අබෙිසේකර මහතා පිළිබදවත් අපට කතා කිරිමට සිදුවෙනවා.රංජන් – ශානි හඩ පට මගින් දුමින්ද සිල්වාට අසාධාරණයක්  සිදු වන බව ඉතා පැහැදිලිවම ඔප්පු  වෙනවා .එදා ඒ ගැන වචනයක්  කතා නොකළ රංජිත් මද්දුම  බණ්ඩාරල බොර දියේ මාළු බාන්න හදනවා .

ඒ වගේම අමෙරිකානු  තානාපති  තුම්ය මේ සිද්ධියට  විශල බොරු ප්‍රචාරයක්  ලබා දෙනවා.මේ රට ලේ විලක් බවට පත්කළ එල්.ටි.ට්. සිරකරුවන්ට  නිදහස දෙන එක හොදයි. ,දුමින්ද සිල්වාට නිදහස දිම නරකයි කියන  අමෙරිකානු  තනාපතිනියගේ  මෙි දෙබිඩි  පිළිවෙත පිළිබඳ  අපි  දැඩි සේ කණගාටු  වෙනවා.දැඩි පිළිකුළෙන්  යුතුව  හෙලා දකිනවා. මෙවැනි  ප්‍රකාශ නිකුත්  වන්නේ  කුමන හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි .එම නිසා මේ කුමන්ත්‍රණ වලට මේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා  හ මේ ආණ්ඩුව කොහෙත්ම  රැවනේනෙ නෑ. මෙි ආණ්ඩුව  වට්ටන්නත් බෑ. මේ රටේ ජනතාව ඔය හිතන තරම් මෝඩ නැහැ.

ඉතා අසාධාරණ  දේශපාලන සිද්ධි නිසා අසාධාරණයට පත්වු පුද්ගලයින්ට සාධාරණයක්  කල යුතුයි.දේශපාලන දඩයම් වලට අපේ ආණ්ඩුවෙන් කොහෙත්ම ඉඩ කඩ නැහැ.එම නිසා කුවුරු කිඹුල් කඳුළු හෙළුවත් ඉදිරියේදි  සත්‍ය එළයට එනවා.එවිට රංජිත් මද්දුම බංඩාරලාටත්,අමෙරිකානු  මහ කොමතාරිස්තුමියටත් තම තමන් නිකුත් කළ ප්‍රකාශවල  ඇත්ත  වැටහේවි. ප්‍රකාශය  නිකුත් කළ යුත්තේ  සත්‍ය වෙනුවෙන්ද  අසත්‍ය   වෙනුවෙන්ද  කියල  තේරුම් ගත හැකි වෙනවා .

එස් . පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts