මෙරට ගොවින්ගේ අවශ්‍යතාවක් වන රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

පොහොර නොමැතිවීම හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව හා ඇතැම් වගාවන් වල අස්වැන්න නොමැති වී ඇති බව කියමින් ගොවින් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්ව සිටියහ.

මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහත්වරුන් ඇතුළු ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිටියහ.

විරෝධතාවයට එක්වු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ  ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා.

ගොවි ජනතාව පාරට බැහැලා තියෙන්නේ වගාවට අවශ්‍ය පොහොර ඉල්ලලා.ඒ ඇරෙන්න වෙන කෙන් ගෙඩියක් ඉල්ලලා නෙවෙයි.මේ ගොවි ජනතාව කරගෙන ගිය වගාව දැන් එක තැනම නැවතිලා  තියෙන්නෙ.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනලා වගේ දෙයක් වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා මේ ගොවි ජනතාවට ඇනලා තියෙන්නේ. දැන් මේ ජනතාව  හාන්සි කරලා තියෙන්නෙ. මේ යල කන්නයේ වී අස්වැන්න අඩු වේගෙන යනවා. අද එළවලු කිලෝ එක රුපියල් තුන්සීයයි.මිරිස් ටිකට ගොයම් ගස් ටිකට එළවළු ටිකට සුදුසු පොහොර නැතුව මිනිස්සු ලත වෙනවා.ඒ අතරෙ  ගෝඨාභය මහත්තයා කියනවා  මම තමයිලු හොඳටම කරේ.ඔව් හොඳට කරලා තියන හරිය පේනවා.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා.ආණ්ඩුව දැන් නිවේදන නිකුත් කරනවා.මමයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයයි අත්අඩංගුවට ගන්නවා කියලා.ආණ්ඩුව හිතන්න ඇති එහෙම නිවේදන නිකුත් කරාම ඊට පස්සේ අපි හැංඟෙයි කියලා. අපි මීට පස්සේ පාරට බහින්නෙ  නැති වෙයි කියලා.

අපි පසු බසී කියලා.නෑ මෙන්න ඉන්නවා පොලිසියේ මහත්තුරුත් මෙතන ඉන්නවා, ගනිල්ලා ඇවිල්ලා, ගනිල්ලා අපි උඹලට කියනවා අපි ඕන දේකට සූදානම් මේ වගේ සෙල්ලම් විජ්ජා වල් දාලා අපි අත්අඩංගුවට ගන්න බැහැ.අපේ ගමන අඩපණ කරන්න බෑ. අපේ පිටිපස්සේ මේ ගොවි ජනතාව ඉන්නවා ඒ නිසා මේ ගොවියගෙ සටන මොට්ට කරන්න උඹලට බැහැ.

අපි ආණ්ඩුවට නැවත නැවතත් අනතුරු අඟවනවා මේ උද්ඝෝෂණයේ  ජේ.වී.පී කාරයෝ යූ.එන්.පී  කාරයෝ, ශ්‍රී ලංකා කාරයෝ, පොහොට්ටු කාරයෝ ඉන්නවා. මෙතන වැඩි පුරම ඉන්නේ පොහොට්ටු කාරයෝ.අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ එක එක පාට ලේබල් අලවලා මේ අසරණ ගොවි ජනතාවගේ සටන කඩා කප්පල් කරන්න හදන්න එපා.

කාබනික වගාවට අපි කොතනකවත් විරුද්ධ නැහැ. වසර ගානක් තිස්සේ ඒ වෙනුවෙන් පෙනී සිටියා ව්‍යාපාරයක්. ඒත් මේ කාබනික පොහොර වලට එක එක ලෙඩ එනවා කෘමි  ලෙඩ එනවා.වෙනත් ලෙඩ රෝග එනවා.මොනවද ඒ සම්බන්ධයෙන් හදලා තියෙන වැඩපිළිවෙළ.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම අනිත් කපුටො බය වෙනවලු.ආණ්ඩුවෙ ප්‍රධාන සංවිධායකවරයාට අපි කියනවා,  කපුටා බය උනාට අපි කපුටො නෙවෙයි හොදද.කපුටු තට්ටට කපුටො බය උනාට ඔය වගේ සිල්ලර දේවල් වලට උඹලගේ සෙප්පඩ විජ්ජා වලට බය තියෙන මිනිස්සු නෙවෙයි මේ අද පාරට බැහැලා ඉන්නේ .

හිටපු පළාත් සභා මන්ත්‍රී දුෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු  වසන්ත සමරසිංහ මහතා.අද මේ ගොවි ජනතාව අනුරාධපුර නගරයට රැස් වෙලා ඉන්නේ මේ ගොවියෝ හඬ ගාලා කියන්නේ උඹලගෙ ක්‍රමය අසාර්ථක වෙලා තියෙන්නෙ කියලා.අද ගොවි බිම්වල වගාවේ පැල ටික එකතැන නැවතිලා තියෙන්නේ.

උඹලගෙ බත් පත අඩු  වෙන කොට බඩගිනි වෙන කොට උඹලට රටින් ගෙනල්ලා කන්න පුළුවන් උනාට ගොවියට එහෙම රටින් ගෙනත් කන්න බැහැ.ගොවියා මහ පොළොව අස්වද්දලා තමයි කන්න ඕනේ.ඒ නිසා උඹලා දෙන පොහොර ටික ගොවි ජනතාවට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට දීපල්ලා කියලා අපි කියනවා.දැන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ කට්ටියක් අත්අඩංගුවට ගන්න යනවා. අපි ආණ්ඩුවෙන් අහනව ගොවි බිමේ හිටපු  ගොවියෝ ඇයි උඹලා පාරට ඇදලා දැම්මේ කියලා.

ගොවීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි සහභාගීවී සිටි අතර ඔවුන් (5දා) අනුරාධපුර නව නගරයේ විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව නව නගරයේ සිට මෛත්‍රීපාල සේනානායක මාවත ඔස්සේ පාගමනින් සටන්  පාඨ කියමින් පොලිස් වටරවුම අසලට පැමිණ ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවය පැවත්වූහ.

මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ දැඩි රථ වාහන තදබදයක් හට ගත් අතර අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිසියේ රථ වාහන නිලධාරීන් පැමිණ එම රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කර වීමට කටයුතු කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts