කළුතර, නාගොඩ මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරින් වසර අටක් තිස්සේ අඩි 20 යි 10 ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක හිරවී රාජකාරි කරති.

කළුතරදිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන කළුතර – නාගොඩ මහ රෝහලේ පොලීසිය පවත්වාගන යන්නේ පැරණි කන්ටෙිනර් පෙට්ටියක් තුළය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ පොලිස් නිළධාරීන් අට දොනකු අනුයුක්තව දිනපත් මෙම කන්ටෙිනර් පෙට්ටිය ඇතුලේ නිළධාරින් හතර දෙනෙකු ස්ථානාධිපති වරයා සමග පැය විසි හතර පුරා සේවය කරති.

දිනපතා පැමිණිලි, හා විමර්ශන රාශියක් ලැබෙන අතර ⁣රෝහලේ ආරක්ෂාව, පොලිස් පරික්ෂණ සහිතව පැමිණෙන රෝගින්ගේ විමර්ශන කටයුතු ආදි රිජකාරි රැසක් මෙම රෝහල් පොලිසියෙන් සිදුවෙයි.

කන්ටෙිනර් පෙට්ටි පොලිස් ස්ථානය තුළ කාන්තා නිළධාරිනියක් ටික කාලයක් සේවය කළද ඇඳුමක් මාරු කරගැනිම, නිළ ඇදුම ඇදිම, ඇතුළු පෞද්ගලික කටයුතු කර ගැනිමට නොහැකි නිසා මෙි වන විට කළුතර නාගොඩ මහ රෝහලේ පොලිස් ස්ථානයට කාන්තා නිළධාරිණියක් නැත. කාන්තා ⁣ නිළධාරිනියක් නැතත් අවශ්‍ය තාවයකදි නිළධාරිණියක් ගෙන්වා රාජකාරි කිරිමට සිදුව තිබේ.

දෛනික රාජකාරි කටයුතු, නිධාරින්ගේ ඇදුම්,ආහාරපාන , කාර්යාලයිය පොත් පත්. පැමිණළි කරුවන් ආදි සියල්ල අඩි 20 යි 10 පෙට්ටිය තුළය.නිලධාරින් ආහාර ගැනිම, තේ එකක් පිළියලකිරිම, ඇතුළු සියල්ල මෙි පෙට්ටිය තුළ සිදුකර ගැනිමට සිදුව තිබේ .

ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් හතර දෙනෙකු මේ පෙට්ටි පොලිසිය තුළ සිට සිදුකරන රාජකාරිය සුළුපටු නොවේ.රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් කරදරයක් සිදුවු විට පොලිසියට පැමිණිලි කළ හැකිය. නමුත් පොලිසියට සිදුවන දුක් කරදර පැමිණිලි කරන්නට කෙනෙකු හෝ තැනක් නැත.

කළුතර නාගොඩ මහ රෝහලට පොලිස් සේවයක් අත්‍ය අවශ්‍ය වන අතර ගොඩනැගිළි රාශියකින්.සමන්විත මෙම රෝහලේ පොලිස් ස්ථානය සදහා ⁣විධිමත් ලෙස ගොඩනැගිල්ලක ඉඩ වෙන්කරදීම අපහසු, කළ නොහැකි.කටයුත්තක් නොවෙියැයි රෝහලට නිතර යන එන ජනතාව කියති.අවස්ථා කිපයකදි මෙි පිළිබඳ පෙන්වා දුන්නනත් පොලිසියට සාධාරණත්වය ඉටුව නැත.කුඩා ඉඩක තැන් තැන්වල පොලිසියේ රාජකාරි කළ නොහැකි බව තවමත් වගකිවයුත්තන් තේරුම් ගෙන නැත.

කළුතර නාගොඩ මහ රෝහලේ පෙට්ටි පොලිසිය පීළිබදව කළුතර දිස්ත්‍රික්.පාර්ලිමෙින්තු මනත්‍රි අනුප පස්කුවල් මහතා පසුගිය (03) එහි ගොස් ඒ පිළිබඳ සොයා බැලිය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙින්තුමන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවෙි පොලිස් නළධාරින් ඉතාම දුෂ්කරතා මැද රාජකාරී කරන බවයි..මෙි සදහා විධිමත්ස්ථානයක් ලබා දිය යුතුයි. මෙි පිළිබඳ රෝහල් බලධාරින් සමග සාකච්ඡා කලා. දැනට ඒ සදහා ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නැතිවිම ප්‍රශ්නයක්වෙලා තියෙනවා.මෙි පිළබද පොලිසිය බාර අමාත්‍ය සරත් විරසේකර මැතිතුමා සමගත් සාකච්ඡා කිරිමට බලාපොරොත්ත වෙනවා. කළුතර දිස්ත්‍රික්සම්බන්ධිකරන කමිටුවෙත් අවධානය යොමු කරිමට බලාපොරොත්තු වෙනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts