gota

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“  ඔහු කියා සිටියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස්  19 වැනිදා හමුවූ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  76 සැසි වාරයට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති එම හමුවේදී  මහලේකම් ගුතරෙස් සමඟ පවසා පවසා ඇත්තේ “අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගෙන   මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව“ය.

එක්සත් ජාතීන් සමග එක්ව සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන බවටද ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා මහ ලේකම්වරයාට සහතික වී තිබේ.

“සෞභාග්‍ය සම්පන්න අනාගතයක් කරා යා හැකි එකම මාර්ගය වශයෙන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව හවුලේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් සමග පලදායී සාකච්ඡාවක් පැවත්වුවෙමි. එමෙන්ම, කෝවිඩ්19 වසංගතය හමුවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සහ බාධාවකින් තොරව අධ්‍යාපන ක්‍රියාදාමය සහතික කිරීම ගැනත් සාකච්ඡා කළෙමු,” යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉංග්‍රීසි බසින් ට්වීට් කර තිබේ.

මෙහිදී මහ  ලේකම් අන්ටෝනියෝ  ගුටරෙස්  “ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව  ලංකාවට ලබාදෙනවා“ යැයි   පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

“රටේ සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන බව` පැවසු ජනාධිපති වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම, 2009 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම ගැන ද මෙම හමුවේදී පැහැදිළි කළේ යයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ත්‍රස්තවාදී ක්‍රියාවන්ට“ සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා  බලයට පැමිණි පසු නිදහස් කළ බව ජනාධිපති රාජපක්ෂ  එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉදිරියේ  කියා සිටියේ  නිදහස් කළ නොහැකි සෙසු පිරිසට  නීතිය  කඩිනම් කරමින්, දිගුකලක් අත්අඩංගුවේ සිටින  ද්‍රවිඩ තරුණයන්ට  නීති කටයුතු අවසන් වූ පසු, දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ පසු වීම  සැලකිල්ලට ගෙන ඔවුන්ට  ජනාධිපති සමාව ලබාදීමට තමා  නොපැකිළෙන බවය.

කොවිඩ් වසංගතය හමුවේ ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම ගැන  දීර්ඝ  කරුණු ගෙනහැර පෑමක් කළ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තම අරමුණ බවත්,  ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම ආණ්ඩුව යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත්  සඳහන් කළේය.

Similar Posts