breds

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් වතුකරයේ තේ වතු තුල සේවය සදහා උදැසන නිවසින් පිටවන විට පාන් පිටි උපයෝගි කර ගෙන රෝටි සදා ගෙන තේ කහට බෝතලයක් සමග සේවය කරන ස්ථානයට රැගෙන යාම සිදු කරන බවත් එවන් තත්වයන් මත තමන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත්තේ පාන් පිටි බවත් එම තත්වයන් මත පිටි මිල රුපියල් දහයකින් වැඩි වුවද එය තමන්ට දැඩි ලෙස බලපාන බවද ඔවුන් පවසති.

තමන් වතු කරයේ සේවය කලද තමන්ට මේ වන තෙක් නිසි වැටුපක් නොලැබෙන බවත් එවන් තත්වයන් මත තම ප්‍රධාන ආහාරය වන පිටි මිල ඉහල යාම තමන්ට දැඩි ලෙස බලපාන බවත් එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර රජය හෝ මැදිහත්ව තමන්ට පිටි සහනාධාරයක් ලබා දිමට පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද ඔවුන් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts