kotagala

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙන බව පැවසු රුපියල් 2000 මුදල නිසි ලෙස ලබා නොදෙන බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයේ සමාජික සමාජිකාවන්  පිරිසක් කොටගල ඩ්‍රේටන් වතුයායේදි නිහඩ උද්ඝෝෂණයක්  පවත්වන ලදි.

රජය මගින් දින 10ක නිරෝධාන ඇදිරි නිතිය පනවන විට අදායම අහිමිවන අයට රුපියල් 2000 බැගින් ලබා දෙන බව පැවසුවද එම මුදල් තමන්ට නිසි ලෙස නොලැබෙන බව ඔවුන් චෝදනා කරති.

මෙම තත්වයන් පිලිබදව ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා අදහස් දක්වමින් පවසන ලද්දේ මෙම ආධාර මුදල් ලබා ගැනිමට යාමේදි සමහර ග්‍රාම නිලධාරින් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එම මුදල් ලබා නොදෙන තත්වයන්ට පත් කරන බවත්ය.

මෙවැනි වසංගත හා විවිධ ආපදා තත්වයන් වලදි මෙම අයගේ දෛනික රැකියාවන් අවිනිශ්චිත හා අවදානම් තත්වයන්ට ලක්වන බවත් එම තත්වයන් මත මෙම අවිධිමත් කම්කරුවන් සදහා ස්ථිර සමාජ ආරක්ෂක වැඩ වැඩ පිලිවෙලක් සකස් කල යුතු බවද ඔහු පවසන ලදි.

මෙම වසංගත තත්වයන් මත දිනෙන් දින බඩු මිලද ඉහල යන තත්වයක ජිවන වියදමද ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත නිරෝධාන ඇදිරි නිතිය මේ වන විට මසකට අධික කාලයක් පුරාවට පවතින බවත් මෙම තත්වයන් මත මෙම රුපියල් 2000 ප්‍රමාණවත් නොවන බවත් කෙසේ වුවද එසේ ලබා දිමට තිරණය කර ඇති රුපියල් 2000 හෝ නිසි ලෙස මෙම පිරිසට ලබා දිමට රජය පියවර ගත යුතු බවද ඔහු තව දුරටත් පවසන ලදි.

kotagala kotagala

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

 

Similar Posts