putin

රුසියාවේ ජනාධිපති පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ.

මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.

මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව සහතිකයක් ලබා දීම තුළින් රුසියානු රාජ්‍යය සහ සමාජය ස්ථාවර වන බවය.

ජනාධිපති පූතින් ගේ ජනාධිපති ධුර කාලය 2024 දී නිමා වීමට නියමිතව තිබූ නමුත් මෙම ප්‍රතිසංස්කරණ මගින් තවත් දොළොස් වසරකට දීර්ඝ කෙරෙනු ඇත. එය වසර හයක් බැගින් වූ වාර දෙකකින් සමන්විතය.

Similar Posts