keheliya

පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව අද  (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය.

පෙර පාසල් දරුවන්ට එම අධ්‍යාපනය අහිමිවුවහොත් එම අවස්ථාව යළි ලබාගැනීමට නොහැකි බව අධ්‍යාපනඥයන් ප්‍රකාශ කොට ඇතැයි අමාත්‍යවරයා කීවේය. ඒ  නිසා අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදීම මෙන්ම අවුරුදු 07 සිට 13 වයසේ දරුවන්ට එන්නත ලබාදීම යන මතවාද දෙකම යොමු වූ බව අමාත්‍යවරයා කීවේය.

එම මත දෙක සාක්ෂාත් කර ගැනීම මෙන්ම ලෝක මතවාදයට ගරු කිරීම ද මෙම අවස්ථාවේදී සිදුකළ යුතුව ඇතැයි අමාත්‍යවරයා කීවේය.

ජාත්‍යන්තර මතවාදය මෙන්ම මෙරට අධ්‍යාපනඥයන්ගේ මතවාදයට ගරු කරමින් එන්නත දරුවන්ට ලබාදීම පිළිබඳව අදාල පාර්ශව සමඟ සාකච්ඡා අද ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts