solar power sri lanka

ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රි රෝද රථයක් නිර්මාණය කිරිමට උණවටුන “සේව් අවර් ශ්‍රී ලංකා“ (එස්.ඕ.එස්.) ආයතනය සමත්ව තිබේ.මෙහි නිර්මාතෘවරිය වන්නේ ජර්මන් ජාතික කාන්තාවකි.

මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවු ආදරය නිසාම පදිංචිය සඳහා රමණිය උණවටුන ප්‍රදේශය තෝරාගත් ඇය නමින් උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්ය.

බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ උලා යන ආදර නාමයෙනි. ඒසේ පදිංචිවු ඇය නව නිර්මාණ බිහි කිරීමටත් ජනතාවට පිහිට වීමටත් පුරෝගාමී වුවාය. ඒ් සඳහා ඇය දෙස් විදෙස් හිතවතුන්ගේද සහාය ඇතිව සේව් අවර් ශ්‍රී ලංකා (Save Our Sri Lanka) (S.O.S)නමින් ආයතනයක්ද පිහිටුවා ගත්තාය. එය සමාජ සත්කාරක ආතනයක් පමණි. ඇය මෙසේ කීවාය.

මම ලංකාවට ඇවිල්ල අවුරුදු විසි හතයි. උණවටුනට ඇවිල්ල අවුරුදු විසි එකයි. ලංකාව ලස්සන රටක්. හොඳ මිනිසුන් සිටින රටක්. ඒ නිසා මම කල්පනා කළා ලංකාව වෙනුවෙන් අලුත් යමක් කිරීමට. ඒ අනුව අප තීරණය කළා සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රි රෝද රථයක් නිර්මාණය කිරීමට. සංඛ්‍යා ලේඛන අනුව දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහතුනක් තිබෙනවා.

ඒවා සුර්ය බල ශක්තියෙන් සහ තවත් ස්වාභාවික පුනර්ජනනී බල ශක්ති මගින් ධාවනයට යෙදවීම අපගේ උත්සාහයයි. එවිට ඩිසල්, පෙට්‍රල් භාවිතය සියයට සියයක්ම ඉවත් වෙනවා. රජයට විදේශ විනිමය ඉතිරි වෙනවා.

ත්‍රිරෝද රථ හිමිකරුවන්ට විශාල මුදලක් ඉතිරි වෙනවා. එපමණක් නොව විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා. අප මෙය “සෝලා මල්ලි“ යනුවෙන් හඳුන්වා තිබෙනවා.

මෙහි සුර්ය බල ශක්ති කට්ටල නිෂ්පාදනය ඇතුළු අනෙකුත් සියලුම නඩත්තු කටයුතු අප ආයතනය විසින්ම කරනවා. අපේ බලාපොරොත්තුව විසි එක්වන සිය වසට සුදුසු හරිත කර්මාන්ත කරණයකට පදනම දැමීමයි. මෙය ලාංකිකයන්ගේ දැනුම, සම්පත් හා පරිසරය සමඟ බද්ධ වන කර්මාන්තයක්.

ඒ අනුව මේ තුළින් නව තාක්ෂණික රැකියා බිහි කිරීම යටිතල පහසුකම් පුළුල් කිරීම,පරිසරය ආරක්ෂා වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා.

එස්. දීයගහගේ – දකුණු පළාත් සංචාරක

Similar Posts