stputnic v

ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට මෙම සතිය තුළදී එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ වෙනුවෙන් රුසියාවේ සිට මෙරටට ලැබුණු එක්ලක්ෂ විසිදහසක් වන එන්නත් මාත්‍රා තොගය ඊයේ (20) මහනුවරට ගෙන ආවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ හතළිස් නමදහස්අටසියයක පදිංචිකරුවන් සඳහා ස්පුට්නික් පළමු මාත්‍රාව හිමි වූ අතර එහි දෙවන මාත්‍රාව හිමිව ඇත්තේ තිස්දහසක පිරිසකටය.

දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස් වෙනුවෙන් මෙම එන්නත් තොගය හිමිවූ අතර මෙම සතිය තුළදී එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය.

එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත් අයුරින් සිදුවූ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ දෛනික කොවීඩ් මරණ සංඛ්‍යාව අඩකින් පමණ අඩුවී ඇතැයි ඒ මහතා කීහ.

මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිසෙන් සියයට අනූහතක පමණ පිරිසකට එන්නත් මාත්‍රා  දෙකම ලබා දී අවසන් බව ද මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

හෙට සිට දෙවන මාත්‍රාව ලබා දීම ඇරඹේ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts