winestores

සංචරන සීමා ලිහිල්වීමේ දිනය සමග පොසොන් සතිය ආරම්භවි තිබියදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අනුරාධපුර මහ දිසාපතිවරයා හා පොසොන් කමිටුවේ සභාපතිවරයා වන ආර්.එම් වන්නිනායක මහතාට සිය දැඩි අප්‍රසාදය පලකරනා බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාන්න ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ.

මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම අනුරාධපුර නගරයේ පිහිටි බලපත්‍ර කොන්දේවලට අදාල සියළුම සුරාසැල් 21දා විවෘතකර තිබූ අතර මත්පැන් මිලදි ගැනීම විශාල පිරිසක් මත්පැන් අලවිකිරිමේ ස්ථාන වලට පැමිණ සිටියහ.

සෑම වසරකම පොසොන් උත්සව පැවත්වෙන සතිය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම සුරාසැල් හා මස් කඩ තාවකාලිකව වසාදමනා අතර මෙවර ඊයේ (21දා) දිනයේ සුරාසැල් විවෘත කර තිබුණි.

මහින්දාගමනය සිහිපත් කරන පොසොන් පිංකම සමයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය තදින් දක්වන බවත් ඊට දිසාපතිවරයා මෙන්ම පොසොන් කමිටු සභාපතිවරයා වගකිව යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන් පැවසූහ.

ඒ සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ නාහිමිපානන්.ඊයේ (21දා) දිනයේ සංචරන සීමා ඉවත් කරනවාත් සමගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් සියල්ල ඇරලා කියලා දැනගන්න ලැබුණා.

හරිම සංවේගයක් දැනුණා මොකද ජනතාව සහභාගි නොවුනට මේ පිංකම් පසුගිය වසර තුනේම පැවත්වුණා.රාජ්‍ය පොසොන් උත්සවය කියන්නේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්වුණු දිනයක්.

ජනාධිපතිතුමා අගමැතිතුමා මේ උත්සවයට සහභාගිවෙනවා.කොවිඩ් නිසා සංචරන සීමා දැම්මා සුරාසැල් වහලා තිබ්බා කියලා ඒවා පොසොන් සතිය ප්‍රශ්නයක් නෑ අරින්න ඕන කියන මතයේ ඉදන් කටයුතු කරපු බෞද්ධයෙකු වන අනුරාධපුර මහ දිසාපතිවරයා සම්බන්ධයෙන් මට තියෙන්නේ හරිම අප්‍රසාදයක්.

සම්බුද්ධ ශාෂනයේ මූලස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයෙන් මේ පූර්වාදර්ශය රටට ගියාම ඉදිරියේදි පොසොන් සතියට මස් කඩ සුරාසැල් සියල්ල විවෘත වෙයි.පළාතේ පාලකයෝ මේ ආකාරයට අබෞද්ධයන් සේ කටයුතු කිරීම පිළිබදව ඇත්තේ හරිම කණගාටුවක් බව නාහිමිපානන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති පොසොන් කමිටුවේ සභාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මෙවර පොසොන් සතියක් නෑ.

පොසොන් සතියක් පැවත්වුවා නම් මේ කරපු දේ වැරදියි.පොසොන් කමිටුවේ සභාපතිවරයා හැටියට කිසිම පිංකමක් සංවිධානය කරලා නෑ ජනතාවට.කිසිම පුද්ගලයෙකුගේ සහභාගිත්වයක් නැතුව තමයි මෙවර පොසොන් චාරිත්‍ර සිදුවෙන්නේ.සුරාසැල් විවෘත කිරීම වැරදි නැහැ යැයි ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts