හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය අද (14) දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස් මත සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි.

වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර තෛයි පොංගල් උත්සවය සිමිත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සැමරිම සිදු කරන ලදි.

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන 14වන දින හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලයේ ප්‍රධාන පුජක සිවශ්‍රි විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම දේවාලයේදි විශේෂ තෛයි පොංගල් පුජාවක් පවත්වන ලදි.

මෙහි අදහස් දැක්වු සිවශ්‍රි විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන් පවසන ලද්දේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාමත් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් මත මෙම තෛයි පොංගල් පුජාව පැවැත්විමට කටයුතු කල බවත් මෙහිදි මෙම රට තුල පවතින කොවිඩ් වසංගතය දුරුවි මේ රට ධන ධාන්‍යයෙන් පිරි සියලු රට වැසියන්ට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කිරිමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts