compost pohora

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය.

එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත්  එම පොහොර කිසිසේත්ම මෙරට පසට මිශ්‍ර කිරීමක් සිදු නොවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

විදේශයන්ගෙන් ගෙන එන ඕනෑම ද්‍රව්‍යයක් වරාය සහ ගුවන් තොටුපොළෙහි පිහිටි ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙරටට භාරගන්නා බව ඒ මහතා සඳහන් කළේය. පරීක්ෂා කිරීමෙන් පසු එහි වාර්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යොමු කර නිසි අනුමැතිය ලබා ගන්නා බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

වර්ෂ 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත ට අනුව ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් සහිත කිසිදු ද්‍රව්‍යයක් මෙරටට ගෙන ඒමේ අවකාශ නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් පාර්ශව විවිධ චෝදනා නැගුවත් කාබනික පොහොර මෙරටට ගෙන ඒමේ හැකියාව පවතින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ ශ්‍රී  ලංකා ප්‍රමිති කාර්යාංශය නිකුත් කරන ප්‍රමිතීන්ට අනුකූලව පමණක් යැයි  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

agri genaral

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts