jiniwa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්‍රයත්නයක් බව රටවල් බොහෝ ගණනක් පෙන්වා දී තිබෙනවා.

එසේ කල ඉල්ලීම් පිළිනොගෙන ජිනීවා මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය තීරණය කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ මස 23 වනදා ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවට තමා ඇතුළුව ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස Online තාක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට සම්බන්ධවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

Similar Posts