unp

මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  නියෝග කළේය.

රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි මිහින්තලය අඹතලාගම පදිංචි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රුක්මන් මහතාට නඩු විභාගය සදහා ජුනි මස 23 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුව තිදෙනාට අධිකරණය හමුවේ පෙනි සිටිනා ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කළේය.

මිහින්තලා ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා වන එම්.බදූර් මහතා ඊට නොසුදුසු පුද්ගලයෙක් බව පවසමින් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමත් සමග කළහකාරි තත්වය ඇතිවි තිබුණි.එහිදි මන්ත්‍රීවරයා විසින් විපක්ෂ නායකවරයාට කන හරහා පාරක් එල්ලකරන අතර සභාපතිවරයා විසින් මන්ත්‍රීවරයාට පරදිමක් සිදුකර තිබුණි.

මන්ත්‍රීවරයා සභා ගර් භය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි අන්දමින් හැසුරුණු බව කියමින් සභාපති ලාල් සෙනවිරත්න මහතා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් සිරිවර් ධන මහතා කියා සිටියේ සිය සේවාදායකයා කළහකාරි අන්දමින් හැසිරි ඇති බව පිලිගනු ලැබුවත් ඔහු සිද්ධිය වන අවස්ථාවේ මත්පැන් පානයකර සභාවට පැමිණ නැති බවයි.එම චෝදනාව බොරු චෝදනාවක් බැවින් සිය සේවාදායකයා අධිකරණය හමුවේ වරද පිළිනොගනිමින් නඩු විභාගයට සූදානම් බව දැන්වූවේය.

මිහින්තලය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක අරුණ ප්‍රියදර් ශන මහතාගේ උපදෙස්මත නඩු මෙහෙයුම් අංශය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

Similar Posts