elawalu-thoga

එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.

මේ වන විට බෝංචි ක්‍රිලෝවක මිල රුපියල් 360ත් 360ත් අතර මිලකට අලෙවි කරන අතර වම්බටු ක්‍රිලෝව රුපියල් 260ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් ලික්ස් බිට් ක්‍රිලෝව 20ත් 240ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත් දෙහි ක්‍රිලෝව රුපියල් 700ත් 800ත් අතර මිලකට අලෙවි වනු ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  ජනතාව පවසනුයේ එලවලු මිල මෙසේ සිග්‍ර ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්.

එලවලු මිල මෙසේ ඉහල යාම් පිලිබදව කරන විමසිම්වලදි නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ පවතින වැසි තත්වයන් මත එලවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts