lockdown areas in sri lanka today

අධික ව්‍යාප්තියක් සහිත කොරෝනා නව ප්‍රභේදය රට තුළින් වාර්තා වීමත් සමග, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා, කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොරෝනා නව ප්‍රබේධයට මුහුණ දීම සදහා රට යළි ලොක් ඩවුන් කළ යුතු යැයි ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබේ.

කොරෝනා නව ප්‍රභේධය ආසාදනය වූ ආසාදිතයන් කොළඹින් පිටත දී වාර්තා වී ඇති අතර, මෙම නව ප්‍රබේධය මෙතෙක් අප හදුනාගෙන සිටි කොරෝනා වෛරසයට වඩා 50% ක පමණ වේගයකින් ව්‍යාප්ත වන බව පැවසේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. රට වසා දැමීමේ සූදානමක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ මහතා කියා සිටියේය.

නව කොවිඩ් ප්‍රභේධය සම්බන්දයෙන් ගත යුතු පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා මේ වනවිට ව්‍යාප්තිය පාලනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවත් කියා සිටියේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රා සෙනෙටා එන්නත එන්නත්කරණය සිදු කරමින් පවතින බවත් කියා සිටියේය.

Similar Posts