cyber-attack katha puwath

චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක්  සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ.

මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට ප්‍රථම අනතුරු ඇගවීමක් සිදුකරන ලදී.

පසුගිය වසර දෙකේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මෙවරත් සයිබර් ප්‍රහාරයකට ලක්වීම ශ්‍රී ලංකා රජය සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය විදහා දැක්වෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන්  දැඩි කනගාටුවට පත්වෙයි.

මෙම සයිබර් ප්‍රහාරය සිදුකල Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායම විසින් ඉදිරි දින කිහිපයේදීත් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

Similar Posts